How is the weather inside you..?
එක අහඹු නෙත් බැල්මකින්
ඔබේ හදවතනැවතී තිබියදිත්,
ලෝකය නිනවුවක් නැති ගමනේද..?
ඉතින් නොරිස්සුමකින්වත්ද ඔබ..?
ප්රේමයේ ගිණි බිඳිත්තක්
ඔබේ ශීතල හදවතේ
උණුහුමක් මවද්දී,
දැන් කුමක් කරම්දැයි
මහා දෙගෙඩියාවකද ඔබ..?
ඉතා දුෂ්කර මාවතක
වැටි වැටී දුර යන අතරේ
පැටලි පැටලී ඇවිදින්න
ඔබ අසල නිතරෝම
කෙනෙක් ඇති නිසාවෙන්
කිව නොහැකි ප්රීතියකින්ද ඔබ..?
සසරම යන්න හිත හිත
අල්ලාගත්ත දෑතක්
ගිලිහී යන්න ලඟ බව
සිහිනයෙන් මෙන් වැටහී
කිව නොහැකි සසැලීමකින්වත්ද ඔබ..?
බොහෝ කල් ගත කලාටත් පස්සේ
අත්හැරීමට වුවමනා නැතිමුත්
අත්හැරීමට සිදු වූ වටිනාම ප්රේමයක්
අතහැරීමට නොහැකිව
මහා කැලැඹීමකද නිහඬවම ඔබ..?
ඒ මහා අහිමිවීමෙන් පස්සේ
මදක් හෝ සෙලවිය නොහැකිව
හිටි තැනම නතරවීවත්ද ජීවතේ..?
මේ කියා පෙන්නන්න බැරි
ඉරි තැලුම් කෝටියක් එක්ක
තද අඳුරු හිස්කමක අතරමංවීවත්ද නුඹ..?
මල් පිපෙන හීනයක් දැක දැක
සිසිරයේ කෙලවරක හිදගෙන,
මදක් වැතිරී ඉකි බිදිය හැකි
උරහිසක් නැති කමින් පෑරෙන
හැඟුම් ඔක්කොම ලග තියාගෙන
අසන්නට කෙනෙක් එන තුරු
නිතරෝම මග බලන මහා පාළුවකින්ද නුඹ..?

Comments
Post a Comment