හිත හිතා ලියූ කවි නැත මම..!

 " කාලෙකින් දැක නැත 

ඔබ ලියූ කවියක්..? "


හදිසියෙන්මෙන් ඔබ ඇවිත් විමසයි..!


පෙම්වත..!


සමාවෙන්න..

ආයෙමත් සැරයක් 

ආමන්ත්‍රණය වැරදුනා..


හිතවත..!


ජීවතේ බොහෝ තැන් වල

ඉතුරු උන එකම එක වරද එය..


හිත හිතා ලියූ කවි නැත මම

අහම්බෙන් ලියවුනා මිස ඉදහිට..!


- දිනූ -

 07.02.21



Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!