හදවතේ තියාගෙන ඔබව ජීවිත කාලයක් උනත් මට ඇවිදින්න..!
නිකන් අවලාද මොකටද
ඔබට මට..,
පැවතීම කියන්නෙමරිදෙන එක..!
අතින් අත බැඳෙනවට
වඩා හොඳ
එක් වෙන්න බැරිම නම්,
අපි අපෙන් වෙන් වෙලා
යන එක...!
පෙම්වත..,
එක සොදුරු සිනාවක්
මට දෙන්න..,
ඉනික්බිති
මගේ හැම මතකයෙම
සදාකල්
ඔබ ඉන්න..!
නලලතේ
දැනෙන නොදැනෙන තරමේ
හාද්දක් තවරන්න..,
ඉනික්බිති
මගේ උණුහුම්
හැම හැඟීමෙම
හැංගිලා
ඔබ ඉන්න..!
මගේ ඇස් අස්සේ
ඇසිල්ලක් කිමිදෙන්න..,
ඉනික්බිති
මගේ හැම හීනෙකම
හැම විටම
ඔබ ඉන්න...!
නිකන් අවලාද මොකටද
ඔබට මට..,
පැවතීම කියන්නෙම
රිදෙන එක..!
බැඳීමෙන්, බැඳී හිදුමෙන්
මිදෙන එක,
'ප්රේමය'ය කියන්නට බැරිද මට..?
මේ මොහොත
ඕනෑවට වැඩි නැද්ද
හදවතේ තියාගෙන ඔබව
ජීවිත කාලයක් උනත් මට ඇවිදින්න..!
2024/06/05.

Comments
Post a Comment