නැවතුමක් නැති ඇවටිල්ලක්ය ඔබගෙන්..!
මටත් කවියක්
ලියා දෙන්නැයි
නැවතුමක් නැති
ඇවටිල්ලක්ය ඔබගෙන්..!
වරුවක්ම ගෙවුනත්
කඩදාසි පිටුව හිස්ය..!
' හිතවත ' කියා පටන් ගන්නද
' පෙම්වත ' කියා පටන් ගන්නද..?
කෙසේ හෝ පටන්ගත් පසු ,
'' මෙතෙක් කල් මම ලියූ කවි,
ඔක්කෝම ඔබටයි..! ''
කියා පමණක් ලියා
නිහඬවම ඉන්නද..?
- 𝙳𝚒𝚗𝚞 -
29.05.22.

Comments
Post a Comment