මට මගෙම කවි තිබුණා..!

 ඔබ අසා තිබුණා 

කලකින් නුදුටු 

මගේ කවි ගැන..


හිතවත,

මට මගෙම කවි තිබුණා,

ඒ ඔබ 

මුණ ගැහෙන්නට ඉස්සර..


ඉනික්බිති,

ඔබ මුණගැසුනු පසු,

මගේ කවි ඔක්කෝම 

ඔබ ගැන..


දැන් දැන් කිසිත් නැත

නොදැන ලියුවා මිසක

ප්‍රේමයට ඉදිරියෙන් 

මිත්‍ර යැයි ලියන්නට

බැරි තරම් හිස්ය මම..!


2020/12/03


Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!