සොයාගන්නට නොහැක මට ප්‍රේමය..!

එදවස වගේ නොව
සොඳුර මේ මඟ 
බොහොම කටුකය..!
රොබරෝසී මල් පෙති මත
වළාකුළු බැම්මට බරව
ගෙවී ගිය කාලය
නුඹට මට කොයිතරම් 
නපුරුද..!
අසරණව මියැදෙන 
සංසාරික පෙමිවතුන් 
යුවලක් නොවී
නවතින්න තිබුණා 
මට නුඹ , නුඹට මම 
මුණ ගැසුණු තැනදිම..!
පෙම්වත..
මේ තැවුල් දරන්නට 
අසීරුම මොහොතක
මදකට නතර විය හැකිද
අප අතැර ආ 
බන්ධූන් ළඟ..!
උන් නොමැති නුඹ ළඟත් 
නුඹ නැතිව උන් ළඟත්
සොයාගන්නට නොහැක මට 
ප්‍රේමය...!

- 𝙳𝚒𝚗𝚞 -



 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!