අතහැරීමී.. මල් පිපෙන හවස්වරු..!

විවිධ සුවඳැති නේකවර්ණිත 
මල් පිපුණ
පාට පාටින් හවස්වරුවට
දේදුණු නැඟුණ
ප්‍රේමයේ මන්ද ස්වරයක
සිසිලස දැණුන
එදවස සිහිවෙයි ඔබ මා අතැර 
යන්න පෙර තිබුණ...

එතැනින් මෙහා ජීවතේ 
වසර ගනනක දුරකි
කදු පල්ලම් වංගු හමුනොවුනු 
තනි ඉරක ගමනකි
සතුටකට හිනාවක් හෝ
දුකකට කඳුළක් පවා නොතිබිණි..

ඉද හිට ලඟට ආ ගිය
සමනළ කුලේ උන් සිටියද
මගේ හදවත තවම 
මොකක්දෝ නිද්‍රාවකය..
සමනලුන්ගෙත් බඹර වෙස් 
තිබේදැයි සැකය..

ඔබ කියාදී ගිය පාඩමට අනුව 
ප්‍රේමය තිබුණත් මොකද
නැතුවත් මොකද..
පෙම්වත.. 
දැං ඉතින් 
ජීවතේ ඉතිරි අඩ වුනත් මට 
ගෙවා ගත හැකිය..
සිනහා හෝ කදුළු නැති 
තුන් හිතම හිස්‍ ය...!

- 𝙳𝚒𝚗𝚞 -


 

Comments

Popular posts from this blog

I miss the stars you put in my sky..!

හිත හිතා ලියූ කවි නැත මම..!

තාත්තගේ පොඩි කෙල්ල මං..!