I miss the stars you put in my sky..!
සපත කර කර සදාකල් ලඟ ඉන්න වග, සඳ පවා අරන් ආ පෙම්වතුන් හිටියා.. ඉතුරු කර අමාවක හදිස්සියෙම නොකියාම ඒ අයත් අතරමඟ බැස්සා.. එවන් මිනිසුන් මැද්දේ හිටිහැටියේ නතර වී ඔබ, මගෙ අමාවක කළුවරට තරු අරන් දෝතක්ම ඉස්සා.. කියන්නට උනේ නෑ නවතින්න කියා වත් දෑස් හැර බලද්දී ඔබ බොහෝ දුර ගිහින් කියලා දැක්කා.. කල්පයක් තරම් දිග කාලයක් තිස්සෙත් මගේ කළුවර අහසේ ඔබ තැබූ තරු එළිය තිබ්බා.. ඒ උනත්.., ඔබව යලි හමුවෙන්න පැතුම් පැතු හැම වරෙම එක ගානේ තරුවක් කඩාගෙන වැටුණා.. හුරු පුරුදු අමාවක මගේ අහස පුරාවට ආයෙමත් මතු වෙලා තිබුණා..! " I miss the stars you put in my sky..! " 💫✨️ - දිනූ - 2024/07/29.

Comments
Post a Comment